ලංකා IOC, Sinopec සහ RM Park යන ඉන්ධන සමාගම් විසින් මෙරට ඉන්ධන මිල තවදුරටත් ඉහළ දැමිය යුතු බවට රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ. පවතින ඉන්ධන මිල ගණන් යටතේ සිය මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමේදී විශාල අලාභයක් සිදුවන බවත්, එම පාඩුව තවදුරටත් දරා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවත් අදාළ සමාගම් පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, මෙම ඉල්ලීම සම්බන්ධයෙන් රජය මෙතෙක් ස්ථිර ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර, තීරණයක් ගැනීම තවදුරටත් ප්‍රමාද කරමින් සිටින බව සඳහන් වේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා පවසා ඇත්තේ, ඉන්ධන මෙහෙයුම් අලාභය තවදුරටත් දරාගත නොහැකි බැවින් මිල සංශෝධනයක් අවශ්‍ය බවට වන ඉල්ලීමක් අදාළ සමාගම්වලින් අමාත්‍යාංශය වෙත ලැබී ඇති බවයි.
















