2026 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව www.doenets.lk සහ www.results.exams.gov.lk යන සබැඳියට පිවිසීමෙන් සිසුන්ට ප්‍රතිඵල ලබා ගත හැකිය.
පසුගිය අගෝස්තු (09) වැනිදා පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍ය යටතේ අයැදුම්කරුවන් 220,366ක් සහ දෙමළ මාධ්‍ය යටතේ අයැදුම්කරුවන් 73,723ක් ලෙස සමස්ත අයැදුම්කරුවන් 294,089ක් විභාගයට පෙනී සිට ඇත.














