මෙරට ජනතාවට අඛණ්ඩව හා කාර්යක්ෂමව අවශ්ය ඖෂධ සැපයීම තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය කටයුතු කර තිබේ.
මෙම හවුල්කාරීත්වය යටතේ, මෙරට පවතින ජාතික ප්රසම්පාදන ක්රමවේද ඔස්සේ සපයා ගැනීමට අපහසු සහ සීමිත වෙළෙඳපොළ ප්රවේශයක් පවතින අත්යවශ්ය ඖෂධ, ජාත්යන්තර ප්රසම්පාදන ක්රමවේද හරහා ලබාගැනීමට පහසුකම් සැලසේ. අදාළ අවබෝධතා ගිවිසුමට කැබිනට් අනුමැතියෙන් පසු සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් මුදල් අමාත්යාංශයේ දී අත්සන් තබා ඇති අතර, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ, UNDP හි මෙරට නේවාසික නියෝජිත අසූසා කුබෝටා සහ මුදල් අමාත්යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම යන මහත්ම මහත්මීන් මීට අත්සන් තබා ඇත.
මෙම වැඩපිළිවෙළ මගින් විශාල පරිමාණයෙන් ගෝලීය වශයෙන් ඖෂධ මිලදී ගැනීම තුළින් තරඟකාරී මිල ගණන් යටතේ ඒවා ලබාගැනීමට හැකිවන අතර, ලබාගන්නා ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) නීතිමය, නියාමන සහ අධීක්ෂණයට යටත්ව ගුණාත්මකභාවය තහවුරු කර බෙදාහැරීම සිදු කරනු ලබයි.
















