• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාව විසින් ප්‍රංශයේ ලාඕස් විහාරය වෙත සර්වඥ ධාතූන් වහන්සේ භාර දෙයි

9 August 2022
in දේශීය

ශ්‍රී ලංකාවේ මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් ප්‍රංශය වෙත පූජා කළ සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රංශයේ බුසී සොන් ජෝර්ජ් හි පිහිටි ලාඕස් වේළුවනාරාම බෞද්ධ විහාරස්ථානය වෙත භාර දෙන ලදි.

ඒ පසුගිය 30 වනදා පැවති විශේෂ උත්සවයක් අතරතුර ල බුජේ හි පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන ස්වාමීන්ද්‍රයන්ගේ අනුශාසනා පරිදි.

ප්‍රංශ ජනරජයේ ශ්‍රී ලංකා තානාපති සහ යුනෙස්කෝවේ නිත්‍ය නියෝජිත මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය කියා සිටියේ ශ්‍රී ලංකාවෙන් ප්‍රංශය වෙත සර්වඥ ධාතූන් වහන්සේ පිළිගැන්වීම මගින් දෙරට අතර පවතින බෞද්ධ හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් වන බවයි.

මනුෂ්‍යත්වය වෙනුවෙන් සාමය සහ ශාන්තිය උදාකර දෙමින් ගෞතම බුදුන් වහන්සේ වදාළ ධර්මය පතළ කිරීමට ශ්‍රී ලංකාව හැකි සෑම සහයෝගයක්ම ප්‍රංශය වෙත ලබාදෙන බවද තානාපතිනිය ප්‍රකාශ කළා ය. මෙය ජාතීන් අතර බෞද්ධාගමික සහයෝගීතාව වර්ධනය කරන ඓතිහාසික සිදුවීමක් බව පරවාහැර චන්ද්‍රරතන ස්වාමීන්ද්‍රයන් සඳහන් කළහ.

මෙහිදී අදහස් දැක්වූ ලාඕසයේ වේළුවනාරාම බෞද්ධ විහාරයේ විහාරාධිපති ස්වාමීන්ද්‍රයන්, සර්වඥ ධාතූන් වහන්සේ ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා රජය වෙත සිය ස්තුතිය පළ කළ අතර, සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට ලාඕසයේ බැතිමතුන් නොඉවසිල්ලෙන් සිටින බවද ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සහ ලාඕසයේ වේළුවනාරාම බෞද්ධ විහාරස්ථානයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙන්ම ලාඕසයේ බැතිමතුන් සහ ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

 

 

Post Views: 34
Previous Post

නව දේශපාලන සංස්කෘතියක්.. පොහොට්ටුව පාස් – ඩි.බී.හේරත්

Next Post

ගෑස් සඳහාත් මිල සුත්‍රයක්

editor

editor

Next Post

ගෑස් සඳහාත් මිල සුත්‍රයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved