දුම්කොළ භාවිතය වැළැක්වීමේ අරමුණින් සෞඛ්‍ය සේවකයින් ඉලක්ක කරගත් විශේෂ පුහුණු වැඩසටහන් මාලාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් දියත් කර තිබේ. මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධාන අරමුණ වන්නේ දුම්කොළ භාවිතය නතර කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට සහාය වීම සඳහා අවශ්‍ය මනෝවිද්‍යාත්මක මැදිහත්වීමේ ශිල්පීය ක්‍රම පිළිබඳව සෞඛ්‍ය සේවකයින් දැනුවත් කිරීම සහ ඔවුන්ව එම ක්‍රමවේදවලින් සන්නද්ධ කිරීමයි.
මෙම පුහුණුව තුළින් දුම්කොළ භාවිතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මැදිහත්වීම තවදුරටත් ශක්තිමත් කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
















