මිනිස් සිරුරට දැනෙන උණුසුම මැන දක්වන උණුසුම් දර්ශකය (Heat Index) දිවා කාලයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක ‘අවධානය යොමු කළ යුතු’ (Caution) මට්ටම දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට මෙම දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය ප්‍රධාන වශයෙන් බලපානු ඇත. දිවා කාලයේදී අධික හිරු එළියට නිරාවරණය වීම සීමා කරන ලෙසත්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කරමින් විජලනයෙන් වළකින ලෙසත් බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
















