ශ්‍රී ලංකා මහ බැංකුව තුළින් ඩොලර් මිලියන 800 කට අධික දැවැන්ත මුදලක් රටින් පිටවී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වන බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි. කොළඹදී (05) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ ඩොලර් මිලියන 808 ක වැනි විශාල මුදලක් මේ ආකාරයෙන් රටින් පිටවී ඇත්නම් එය රටේ ආර්ථිකයට බරපතළ ගැටලුවක් බවයි.
මෙවැනි දැවැන්ත ධනස්කන්ධයක් මෙරට මූල්‍ය පද්ධතියෙන් බැහැරට ගලා ගියේ කෙසේද යන්න පිළිබඳව වහාම කරුණු පැහැදිලි කළ යුතු බවත්, ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින බව පවසන පසුබිමක මෙවැනි තත්ත්වයක් වාර්තා වීම සැක සහිත බවත් දයාසිරි ජයසේකර මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















