පොදු ප්‍රවාහන සේවාව වඩාත් කාර්යක්ෂම, ආරක්ෂිත හා ගුණාත්මක තලයකට ඔසවා තැබීමේ අරමුණින් මෙරටට ආනයනය කළ නවතම ‘මෙට්‍රෝ’ බස් රථ 104ක් ඊයේ (29) රාත්‍රියේ කොළඹ වරායට ළඟා වී තිබේ.
2025 අයවැය යෝජනා අනුව පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීමේ මූලික පියවරක් ලෙස ක්‍රියාත්මක කරන ‘Urban Luxury Transport’ වැඩසටහන යටතේ මෙම බස් රථ ආනයනය කර ඇත. මගී ජනතාවට ආරක්ෂිත, විශ්වාසනීය, කාර්යක්ෂම සහ සුවපහසු ගමනාගමන සේවාවක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, ලබන සැප්තැම්බර් මාසයේ සිට කොළඹ නගරය කේන්ද්‍ර කරගත් මාර්ගවල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) මඟින් මෙම බස් රථ ධාවනයට යෙදවීමට නියමිතය.














