වැල්ලවාය සහ ඌව කුඩාඔය පොලිස් ස්ථානවල නිලධාරීන් සහ මෝටර් රථ පරීක්ෂක නිලධාරීන් එක්ව සිදු කළ විශේෂ රථවාහන පරීක්ෂාවකදී නීතිවිරෝධී අමතර කොටස් සවිකර සහ අබලන් තත්ත්වයෙන් ධාවනය කළ රථවාහන 24ක රියදුරන්ට එරෙහිව තහනම් නියෝග පනවා තිබේ.
අක්‍රමිකතා සහ අඩුපාඩු නිවැරදි කර ගැනීම සඳහා අදාළ රියදුරන්ට දින 14ක කාලයක් ලබා දී ඇති අතර, එසේ කිරීමට අපොහොසත් වන රියදුරන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිත බව පොලිසිය පවසයි.














