“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරමින්, ඉන්දියානු රජයේ මූල්‍ය ආධාර සහ ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම අලගොල්ල වතුයායේ පවුල් 51ක් සඳහා නව නිවාස ඉදිකිරීමේ මුල්ගල් තැබීම හෙට (29) දින සිදු කිරීමට නියමිතය. වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන මඟින්, නායයෑමේ අධි අවදානම් කලාපවල අනාරක්ෂිතව වසර 13කට අධික කාලයක් ගත කළ මලයගම් ප්‍රජාවට සුරක්ෂිත සහ ගෞරවනීය ජීවන පරිසරයක් උරුම කර දීම අපේක්ෂා කෙරේ.
මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී විශේෂාංගයක් ලෙස, ඉන්දියානු රජය විසින් එක් නිවාස ඒකකයක් සඳහා රුපියල් ලක්ෂ 28ක අරමුදලක් සපයන අතර, ශ්‍රී ලංකා රජය විසින් අතිරේක යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් එක් නිවසකට රුපියල් ලක්ෂ 4ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇත. දිර්ඝ කාලයක් පුරා පැවති නේවාසික අර්බුදයකට සහ සමාජ අසමානතාවකට මෙමඟින් ස්ථිර විසඳුමක් ලැබෙනු ඇති අතර, වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවය සහ දේශීය ප්‍රතිපත්ති ඒකාබද්ධ වන ආකාරය පිළිබඳව මෙය කදිම නිදසුනක් බවට පත්ව තිබේ.
මෙම නිවාස ව්‍යාපෘතිය සාර්ථකව නිමවීමත් සමඟම, දිගු කලක් තිස්සේ අවදානම් සහගත තත්ත්වයන් යටතේ ජීවත් වූ පවුල් රැසකට ස්ථිර හා ආරක්‍ෂිත ස්ථානයක් හිමිවීමෙන් ඔවුන්ගේ සමාජ-ආර්ථික සුරක්ෂිතභාවය තවදුරටත් තහවුරු වනු ඇත. ඉදිරියේදී ක්‍රියාත්මක වන පුළුල් ජාතික සංවර්ධන වැඩසටහන් හරහා මලයගම් ජනතාවගේ මූලික යටිතල පහසුකම් ගැටලු ක්‍රමානුකූලව විසඳීමටත්, මෙරට සමස්ත ජනතාවගේ සුභසාධනය ඉහළ නැංවීමටත් මෙම සහයෝගීතා ව්‍යාපෘති තවදුරටත් ඉහළ බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















