ශ්‍රී ලංකාව තුළ භාවිතයට ගැනෙන ප්‍රථම එළිමහන් ස්වයංක්‍රීය භ්‍රමණ වාහන නැවැත්වීමේ පද්ධතිය (Automated Rotary Parking System) හඳුන්වා දී තිබේ.
ලෝකයේ කාර්යබහුල නගරවල බහුලව භාවිත කරන මෙම ක්‍රමවේදය හරහා රථ වාහන සිරස් අතට (Vertical) ගාල් කිරීමට පහසුකම් සලසා ඇත. විශේෂයෙන්ම සීමිත ඉඩකඩක් ඇති ප්‍රදේශවල පවතින රථ වාහන නැවැත්වීමේ ගැටලුවට විසඳුමක් ලෙස, පවතින ඉඩ තුළ වාහන නැවැත්වීමේ ධාරිතාව උපරිම මට්ටමකට ගෙන ඒමට මෙම පද්ධතිය නිර්මාණය කර ඇත.
මෙම තාක්ෂණික දියුණුව මෙරට නාගරික ප්‍රවාහන කළමනාකරණය සහ රථ වාහන ගාල් කිරීමේ පහසුකම් වැඩිදියුණු කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.
















