• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගනුදෙනුවල වැඩි වාසිය ශ්‍රී ලංකාවටයි

19 June 2018
in සංවර්ධන

රජයේ වාණිජ දේපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකා ඉරාන ද්වීපාර්ශවික වෙළෙඳ ගනුදෙනු වල වැඩිම වාසිය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවට බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහම්මද් ෂයිර්ල් අමිරාණි මහතා (Mr.Mohammed Zaerl Amirani) හමු වී කරන ලද ද්වීපාර්ශවික සාකච්ඡාවලදීය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ 2016 දී දෙරටේ වෙළෙඳ ගණුදෙනු වටිනාකම ඩොලර් මිලියන 180 ක් වූ අතර, එය 2017 දී ඩොලර් මිලියන 188 ක් දක්වා සියයට 4.5% කින් වැඩි වූ බවත්, එයින් සියයට 94% ක්ම ශ්‍රී ලංකාවෙන් ඉරානයට සිදු කරන අපනයනයන් වන බවයි.

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති මොහම්මද් ෂයිර්ල් අමිරාණි මහතා මෙසේ කියා සිටියේය “පසුගිය දා ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ප්‍රමුඛ දූත මණ්ඩලය ඉරානයේ කරන ලද සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ඉරානයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – ඉරාන ද්වීපාර්ශවික ඒකාබද්ධ ආර්ථික කොමිසමේ සමුළුවට අප ආරාධනා කරනවා. මේ සංචාරය නිසා දෙරටට ඉතා යහපත් ප්‍රතිඵල ගෙන ඒමට පුළුවන් වුණා. ඒ සඳහා ඔබතුමාටද අප රටේ ස්තූතිය පිරිනමනවා. මේ සංචාරය ගැන අපේ ජනාධිපති හසාන් රහුමානි මහතාද සිටින්නේ සතුටින්. එතුමා ප්‍රකාශ කර සිටින්නේ මෙම දෙරටේ ද්වීපාර්ශවික ඒකාබද්ධ ආර්ථික කොමිසමේ කටයුතු දිගටම පවත්වාගෙන යන ලෙසයි. මේ මඟින් දෙරටේම වෙළෙඳ ගණුදෙනු ඉහළ මට්ටමක පවත්වාගෙන යා හැකි බවත් ඔහු පැවසුවා.” යැයි තානාපතිවරයා පැවසීය.

Post Views: 13
Previous Post

මම උදයංගව ගෙන්වනවා

Next Post

බෙහෙත් නැත්නම් වගකිවයුත්තා ගැන රාජිත කියයි

editor

editor

Next Post

බෙහෙත් නැත්නම් වගකිවයුත්තා ගැන රාජිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved