පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදුකෙරෙන විමර්ශන කටයුතුවලට බිය වී සිටින ඇතැම් පිරිස් එම විමර්ශන සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කිරීම සඳහා විවිධ උපක්‍රමශීලී ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය පවසයි.
එදා පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් වූ අසරණ ජනතාව වෙනුවෙන් පෙනී නොසිටි ඇතැම් පිරිස්, අද වන විට තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ව්‍යාජ හඬ නැඟීමක් සිදුකරමින් සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
මේ අතර, පාස්කු විමර්ශන ක්‍රියාවලිය සහ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මහජන නියෝජිතයින් කිහිපදෙනෙකුම අද (09) පාර්ලිමේන්තු සභාවාරයේදී අදහස් දක්වමින් සිය දැඩි අවධානය යොමු කළහ.
















