සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000” ව්‍යාපෘතිය හෙට (01) සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ වීමට නියමිතය. එහි මංගල මුල්ගල තැබීම කළුතර දකුණ සුවතා මධ්‍යස්ථානයේදී පෙරවරු 09.00ට සිදුකිරීමට නියමිත අතර,ීට සමාගමීව දිස්ත්‍රික් මට්ටමින්ද වැඩසටහන් සංවිධාන කර ඇත.
රෝහල් පද්ධතියේ පවතින තදබදයට විසඳුමක් ලෙස සහ බෝ නොවන රෝග පාලනය හා වැළැක්වීම අරමුණු කරගනිමින් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් ආවරණය වන පරිදි ප්‍රජා මට්ටමින් මෙම මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ. රෝගාතුර වූ පසු ප්‍රතිකාර ලබාදීමට වඩා රෝග ඇතිවීම කල්තියා වළක්වා ගැනීම සහ ශාරීරික සුවතාව ප්‍රවර්ධනය කිරීම මෙහි මූලික අරමුණ වන අතර, සෑම මධ්‍යස්ථානයකටම වෛද්‍යවරයෙකු, ප්‍රජා හෙද කාර්ය මණ්ඩලයක් සහ සම්බන්ධීකරණ නිලධාරීන් අනුයුක්ත කිරීමට නියමිතය.














