නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ප්‍රථම ඓතිහාසික ක්‍රිකට් තරගය 1937 ඔක්තෝබර් 17 වන දින පවත්වා ඇති අතර, දෙරට අතර පැවැත්වෙන ක්‍රිකට් සබඳතාවයට වසර 100ක් පිරීම නිමිත්තෙන් 2027 ජනවාරි මාසයේදී නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත විශේෂ සැමරුම් ක්‍රිකට් තරගාවලිය සංවිධානය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. මෙම ඓතිහාසික තරගාවලිය නැරඹීම සඳහා නවසීලන්ත මහකොමසාරිස්වරයා විසින් අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වෙත නිල වශයෙන් ඇරයුම් කර ඇති අතර, මීට අමතරව මෙරට රග්බි ක්‍රීඩා සංවර්ධනය, තරුණ හුවමාරු වැඩසටහන් සහ කුසලතා වර්ධනය වෙනුවෙන් නවසීලන්ත රජයේ පූර්ණ සහයෝගය ලබාදීමට ද එකඟතාව පළ වී තිබේ.














