මත්ද්‍රව්‍ය සඳහා වන ඉල්ලුම සහ සැපයුම යන ජාල දෙකම එකවර පාලනය කිරීමට ජාතික මට්ටමින් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ අරමුණින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ‘රටම එකට‘ ජාතික වැඩසටහනට යටතේ පැවති කළුතර දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම සමුළුව පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා, අය-වැයෙන් වෙන්කළ ප්‍රතිපාදන හරහා සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් එක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් හෝ ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ප්‍රකාශ කළේය. විදෙස් රටවල සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන එමින් පවතින බවත්, ප්‍රාදේශීය කමිටු, පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු රාජ්‍ය අංශයේ සියලු පාර්ශ්ව එකතු කරමින් ශක්තිමත් ජාලයක් නිර්මාණය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ආගමික නායකයන්ගේ ද සහභාගීත්වයෙන් දිස්ත්‍රික්කයේ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















