සහල් හෝ වී සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කිරීම තහනම් කරමින් මින් පෙර නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. මෙම නව තීරණයට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් මේ වන විට නිකුත් කර ඇත.
මෙම නව ගැසට් නිවේදනයට අනුව, සහල් හෝ වී සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා සෘජුව භාවිත කිරීමට හෝ සත්ත්ව ආහාර නිපදවීමේ යෙදවුමක් ලෙස භාවිත කිරීමට නැවත අවසර හිමි වේ. ඒ අනුව, එම නිෂ්පාදන විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, තොග රැස් කිරීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදා හැරීම හෝ මිලදී ගැනීම නීත්‍යනුකූල වේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම විධානය පසුගිය ජුනි 24 වන දින සිට ක්‍රියාත්මක වන බවයි.














