ශ්‍රී ලංකා ගුරු සේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහන ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කළ ඉල්ලීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව, 2022 ඔක්තෝබර් 23 සිට 2025 ජුනි 30 දක්වා කාලය තුළ ගුරු සේවයේ I ශ්‍රේණියට උසස්වීම් ලද ගුරුවරුන් එම කඩඉම් සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවයෙන් තාවකාලිකව නිදහස් කර ඇති අතර, ඉදිරි උසස්වීම් ලැබීමට පෙර එම කඩඉම සම්පූර්ණ කළ යුතු වේ. එසේම, නියමිත කාලසීමාවන් තුළ ශ්‍රේණි උසස්වීම් ලබන නිලධාරීන්ටද අදාළ මොඩියුල හෝ විභාග සම්පූර්ණ කිරීම නොසළකා උසස්වීම් ලබාදීමට තීරණය කර ඇති අතර, මේ සම්බන්ධයෙන් වන සමස්ත තොරතුරු ඇතුළත් විස්තරාත්මක අධ්‍යාපන චක්‍රලේඛයක් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.













