වෙළෙඳපොළට නිකුත් කරන සබන් නිෂ්පාදනවල ඇසුරුමෙහි නිෂ්පාදිතයේ නම සහ එහි අඩංගු මේද ප්‍රතිශතය (TFM අගය) ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරන්නේ මෙම තීරණය ඉතා අගය කරන බවයි. එමෙන්ම ඉදිරියේදී සබන් නිෂ්පාදනය සඳහා යොදාගන්නා සියලුම අමුද්‍රව්‍ය පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් විය යුතු බැවින්, එම අමුද්‍රව්‍ය ලැයිස්තුවද සබන් දවටනයේ සඳහන් කිරීම අනිවාර්ය කරන ලෙස එම ව්‍යාපාරය රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
















