මීගමුව සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා දිශාවලින් හමා එන අතර, සුළගේ සාමාන්‍ය වේගය පැ.කි.මී. 30ත් 40ත් අතර අගයක් ගනී. කෙසේ වෙතත්, කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50ත් 60ත් දක්වා වැඩි විය හැකි අතර, සෙසු මුහුදු ප්‍රදේශවල එය පැ.කි.මී. 45ත් 50ත් දක්වා ඉහළ යා හැක.
මේ හේතුවෙන් කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර, සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකිය. තවද, හලාවත සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0ත් 2.5ත් පමණ උසකට ඉහළ යාමේ හැකියාවක් පවතියි.
එබැවින්, මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී.














