මෙම වසරේ පළමු කාර්තුව තුළ විගමනික ශ්‍රමිකයන් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මෙවර ප්‍රේෂණ ප්‍රමාණය සියයට 26.5ක ඉහළ යාමක් වාර්තා කර ඇත. ඒ අනුව 2026 වසරේ පළමු මාස තුන තුළ විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට එවා ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.815කි.
මෙම වර්ධනය මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට සහ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට විශාල දායකත්වයක් සපයන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














