මෙරට ඛනිජ සම්පත් කොල්ලකෑමට ඇති ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහෝසි කරමින්, ඉදිරියේදී මූලික ඛනිජ ලෙසින් අපනයනය කිරීම වෙනුවට අගය එකතු කරන ලද ඛනිජ නිෂ්පාදන පමණක් අපනයනය කිරීම අනිවාර්ය කිරීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා තීරණය කර තිබේ.
මෙරටට උපරිම විදේශ විනිමය ප්‍රමාණයක් අත්කර ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, ඒ අනුව මින් ඉදිරියට කිසිදු පාර්ශවයකට මෙරට ඛනිජ සම්පත් කිසිදු අගය එකතු කිරීමකින් තොරව සොච්චම් මුදලකට පිටරටට පැටවීමට ඉඩ නොලැබෙනු ඇත.














