රටේ ඛනිජ සම්පත් නිසි පරිදි කළමනාකරණය කිරීම සඳහා රජය සෘජුව මැදිහත් වීමත් සමඟ, එම ක්ෂේත්‍රය තුළ නව ප්‍රබෝධයක් සහ ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බව දේශීය ව්‍යාපාරිකයෝ පවසති.
පැවති අවිධිමත් සහ දූෂිත ක්‍රමවේදයන් වෙනුවට වත්මන් රජය විසින් නීතිය තදින් ක්‍රියාත්මක කරමින් ඛනිජ සම්පත් ක්ෂේත්‍රය විධිමත් කිරීම, සාධාරණ ලෙස ව්‍යාපාර කටයුතුවල නිරත වන පිරිස්වල දැඩි ඇගයීමට ලක්ව තිබේ. ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ, නීතියේ ආධිපත්‍යය තහවුරු වන මෙවැනි පසුබිමක් තුළ තමන්ට බියකින් තොරව ව්‍යාපාර කටයුතු සිදුකිරීමට හැකි වී ඇති බවයි. පසුගිය කාලසීමාවේදී අක්‍රමවත් ලෙස මුදල් ඉපයූ පාර්ශ්වයන්ට වත්මන් නීතිමය ක්‍රියාමාර්ග හමුවේ බාධා එල්ල වී ඇති අතර, මේ වන විට රට තුළ ගොඩනැඟෙමින් පවතින විධිමත් ව්‍යුහය නිසා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් ද මෙරට වෙත ආකර්ෂණය වනු ඇති බවට ඔවුහු විශ්වාසය පළ කරති.
මෙම ධනාත්මක වෙනස්කම් සමඟින්, විදේශගතව සිටින ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට නැවත මවුබිමට පැමිණීමට සුදුසු කාලය එළඹ ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. විශේෂයෙන්ම, විදේශයන්හිදී ලබාගත් අත්දැකීම් සහ තාක්ෂණික දැනුම මෙරට ඛනිජ සම්පත් ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් යොදා ගැනීමට මේ වන විට හිතකර වටපිටාවක් නිර්මාණය වී ඇති බැවින්, දේශීය සංවර්ධන කටයුතු සඳහා දායක වන ලෙස ඔවුහු සියලු වෘත්තිකයන්ට ආරාධනා කර සිටිති.















