ශ්‍රී ලංකා නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය සුදුසුකම් ලැබීමේ අංක 07 පාඨමාලාවේ (Explosive Ordnance Disposal Qualifying Course) නිල ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රදානෝත්සවය මහව, බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේදී ඊයේ (03) අවසන් වී තිබෙනවා. ඒ, ආඥාපති නාවික පාබල රියර් අද්මිරාල් කුසල දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
මහව බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාසලේදී ඉකුත් ජනවාරි මස 26 වැනිදා සිට අගෝස්තු මස 02 වැනි දින දක්වා පවත්වන ලද මෙම පාඨමාලාව සඳහා නාවික පුද්ගලයින් 23 දෙනෙකු සහභාගී වී ඇති අතර, ඔවුන් පාඨමාලාව සාර්ථක ලෙස නිම කිරීමෙන් අනතුරුව ආඥාපති නාවික පාබල විසින් ඔවුන් වෙත නිල ලාංඡන පැළඳවීම සහ සහතිකපත් ප්‍රදානය සිදු කර ඇත.
මෙම පාඨමාලාවේදී සුවිශේෂී දක්ෂතා දැක්වූ නාවිකයින් තිදෙනෙක් විශේෂ සම්මාන දිනාගත් අතර, එහිදී,
දක්‍ෂතම නිලධාරියා: ලුතිනන් (නාවික පාබල) තිලිණ පීරිස්
දක්‍ෂතම නාවිකයා: නායක නැවි (මැරීන්) අයිජීඑස්එස් ඥාණරත්න
දක්‍ෂතම කෘත්‍රීම බෝම්බ නිර්මාණකරු: බල නැවි (නාවික පාබල) එච්සීඅයි ප්‍රනාන්දු
යන මහත්වරුන් සම්මාන දිනා ගත්හ. මෙම අවස්ථාව සඳහා වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු තුෂාර ප්‍රනාන්දු, පළමු මැරීන් බළඇණියේ අණදෙන නිලධාරි කොමාණ්ඩර් සුචරිත වීරතුංග ඇතුළු පිරිසක් සහ පාඨමාලාව සම්පූර්ණ කළ නාවික හමුදා සාමාජිකයින්ගේ පවුල්වල ඥාතීන් රැසක්ද සහභාගී වී සිටියහ.
















