බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ ‘සාගරිකා’ සීඝ්‍රගාමී දුම්රිය අද (24) උදෑසන වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව ඇති අතර දැනට ධාවන කටයුතු සීමා කර ඇත්තේ කොළඹ සිට එන දුම්රිය පානදුර දුම්රිය ස්ථානය දක්වා පමණි. පානදුර සිට දකුණු කළුතර දක්වා මගීන් ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) බස් රථ යොදවා ඇති අතර දකුණු කළුතර සිට මාතර සහ බෙලිඅත්ත දක්වා දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරේ.
පීලි පැනීමට ලක්වූ දුම්රිය යළි පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. අද සවස් කාලය වීමට පෙර අවහිර වූ එක් දුම්රිය මාර්ගයක් හෝ යථා තත්ත්වයට පත් කර ධාවන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.













