අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුධමය තත්ත්වය අවසන් වීමට ඉතා ආසන්න බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ෆොක්ස් බිස්නස් (FOX Business) නාලිකාවේ “Mornings with Maria” වැඩසටහන සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. පසුගිය සතියේදී ඉරානයට බෝම්බ හෙළීම නැවැත්වීමට අමෙරිකාව එකඟ වුවද, පසුගිය සඳුදා සිට ඉරාන වරායන් වෙත පනවා ඇති නාවික අවහිරතාවය තවදුරටත් ක්‍රියාත්මක වන බව ඔහු අවධාරණය කළේය. පාකිස්තානයේදී පැවති සාකච්ඡා පසුගිය සති අන්තයේදී ඇනහිටියද, නුදුරේදීම දෙපාර්ශවය අතර සාම සාකච්ඡා යළි ආරම්භ වනු ඇතැයි ට්‍රම්ප් මෙහිදී විශ්වාසය පළ කර තිබේ. එසේ වුවත් අමෙරිකානු මෙහෙයුම් තවමත් සම්පූර්ණයෙන් අවසන් වී නොමැති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














