වසර 5 1/2කට පසුව පසුගිය පෙබරවාරි මාසයේදී ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ගිය ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය, අප්‍රේල් මාසය අවසාන වන විට නැවතත් එම සීමාවෙන් පහළට පැමිණ තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තාවලට අනුව, 2026 මාර්තු මාසයේදී ඩොලර් මිලියන 7,026ක් ලෙස පැවති සංචිත වත්කම් ප්‍රමාණය 2026 අප්‍රේල් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,759ක් දක්වා 3.8%කින් පහළ ගොස් ඇත.
සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2026 අප්‍රේල් මාසය තුළ දී ඩොලර් මිලියන 6,800 සිට ඩොලර් මිලියන 6,505ක් දක්වා 4.3%කින් අඩු වී තිබේ. මේ අතර මහ බැංකුවේ රන් සංචිතය ද පසුගිය අප්‍රේල් මාසය තුළ දී ඩොලර් මිලියන 222 සිට ඩොලර් මිලියන 219ක් දක්වා 1.2%කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2026 පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 7,284ක් ලෙස වාර්තා වෙමින් වසර 5 1/2කට පසු ප්‍රථම වරට ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා යාමට සමත් විය. කෙසේ වෙතත් 2026 මාර්තු මාසයේදී එම ප්‍රමාණය 3.5%කින් පහළ ගිය අතර, අප්‍රේල් මාසයේදී ද එය තවදුරටත් අඩු වෙමින් අඛණ්ඩව දෙවන මාසයටත් සංචිතයේ පහළ යාමක් වාර්තා වී ඇත.














