රට තුළ දැනට ප්‍රකාශයට පත් කර ඇති මහජන හදිසි අවස්ථා තත්ත්වය (හදිසි නීතිය) තවදුරටත් ඉදිරි මාසයක කාලයක් සඳහා දීර්ඝ කිරීමට අදාළ යෝජනාව වැඩි ඡන්ද 128කින් පාර්ලිමේන්තුවේදී අද (09) සුවිශේෂී බහුතරයකින් සම්මත විය.
අද දින පාර්ලිමේන්තු සභාවාරයේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් පැවැති විවාදයෙන් අනතුරුව, පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පවත්වනු ලැබීය. එහිදී යෝජනාවට පක්ෂව සහ විපක්ෂව මන්ත්‍රීවරුන් සිය ඡන්දය ප්‍රකාශ කළහ.
ඡන්ද විමසීමේ නිල ප්‍රතිඵලවලට අනුව මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 135ක් ලැබුණු අතර, ඊට විපක්ෂව ලැබුණේ ඡන්ද 07ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 128කින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් සම්මත කර ගැනීමට රජය සමත් විය.
















