මහජනතාව මත බර ලෙස පැටවී ඇති අධික PAYE බදු පීඩනය ලිහිල් කිරීම සඳහා ක්ෂණික පියවර ගත යුතු බවත්, වත්මන් තත්ත්වය කඩිනමින් පිළියම් යෙදිය යුත්තක් බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අවධාරණය කර ඇත.
කොළඹදී පැවති දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 21 වැනි වාර්ෂික මහා සම්මේලනය අමතමින් ඔහු මෙම බව සඳහන් කළ අතර, ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සංවර්ධිත රටවල ප්‍රමිතීන්ට ඔසවා තැබීමේ අවශ්‍යතාවද වැඩිදුරටත් පෙන්වා දී තිබේ. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ආර්.පී.එච්. ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිට ඇත.














