ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඉතිහාසයේ ප්‍රථම වතාවට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. වත්මන් රජය බලයට පත්ව වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ මෙරට ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වී ඇති බව ඔහු එහිදී අවධාරණය කළේය.
රජය පාලනය භාරගෙන වසරක් ඇතුළත ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය (GNP) අමෙරිකානු ඩොලර් බිලියන 109ක ආසන්න අගයක් දක්වා වර්ධනය වී තිබේ. දශක ගණනාවක් තිස්සේ විනාශ කරන ලද ආර්ථිකයක් සහිත රටක් භාරගත් තමන්, කෙටි කලකදී මෙවැනි ප්‍රගතියක් අත්කර ගත් බව ඔහු පැවසීය. රජයේ ක්‍රියාකලාපය “එල් බෝඩ්” ලෙස විවේචනය කරන පිරිස්වල දේශපාලන පක්ෂ මේ වන විට අස්ථාවර වී ඇති බවත්, එම විවේචන පදනම් විරහිත බවත් මහාචාර්ය රුවන් රණසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.














