2030 වසර වන විට ජල භීතිකා රෝගය ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා විශේෂ සැලසුමක් ක්‍රියාත්මක කරන බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සංජක පෙරේරා මහතා පවසයි. සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විදේශ සංවිධාන රැසක සහභාගීත්වයෙන් කටුනායක ප්‍රදේශයේ සංවිධානය කර තිබූ දින හතරක විශේෂ වැඩමුළුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ජල භීතිකාව මිනිසුන්ට වැළඳීම වැළැක්වීමට නම් ප්‍රථමයෙන් එය සතුන්ගෙන් ඉවත් කළ යුතු බව පෙන්වා දුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා, මඟතොට වෙසෙන සුනඛයන්ට ආහාර ලබාදෙන පිරිස් ඔවුන් පිළිබඳ වගකීමක් ද ගත යුතු බව අවධාරණය කළේය. 1973 වසරේදී මෙරට ජල භීතිකා මර්දන වැඩසටහන ආරම්භ කරන විට වසරකට මරණ 370කට වඩා වාර්තා වූ අතර, ක්‍රමිකව එය මේ වන විට වසරකට මරණ 14ක් දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබේ. කෙසේ වෙතත්, වත්මන් රෝහල් පද්ධතිය තුළ සිදුවන එන්නත්කරණය නිසා රෝගීන් බේරාගත හැකි වුවද එය රජයට විශාල මූල්‍යමය බරක් වන බැවින්, සුනඛයන් අතරම රෝගය පාලනය කර මෙම ගැටලුව සම්පූර්ණයෙන්ම නිමා කිරීම රජයේ අරමුණයි.
















