• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ බිමේ තිබෙන ශක්තිමත් පක්ෂයක් – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

11 July 2023
in දේශීය

කුමන හෝ මැතිවරණයකදි රටේ දැවැන්තම හා විශාලම ඡන්ද සංඛ්‍යාවක් හිමිකරගන්නා වගකිය යුතු පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා, “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපේ පක්ෂය පහුගිය අවුරුද්ද ඇතුළත නොයෙකුත් ප්‍රශ්නවලට, බාධාවලට මුහුණ දුන්නා කියලා අපි කවුරුත් දන්නවා. ඒ ඊනියා අරගලයත් එක්ක ඇතිවෙච්ච ඒ තත්වය ප්‍රයෝජනයට අරගෙන සමහර මේ රටේ පක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විනාශ කරන්න යොදා ගත්තා. පොදුජන පෙරමුණේ සාමාජිකයෝ බේරේ වැවට දාලා අමානුෂික ලෙස වදහිංසා දුන්නා. ඒ වගේම ඉතිහාසයේ පළමුවරට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් මහ මඟ මරලා දැම්මා. ඒ වගේම අපේ ගෙවල් සහ පාක්ෂිකයන්ගේ ගෙවල් ගිනි තිබ්බා. අපේ මේ පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලය ගිනි තියලා පක්ෂය විනාශ කරන්නයි හැදුවේ. නමුත් අපි ඉතාමත් ශක්තිමත් පක්ෂයක් හැටියට අපේ හිටපු ජනාධිපති පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ වගේම අපේ පක්ෂයේ නිර්මාතෘවරයා හැටියට ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීම සහ සැලසුම යටතේ මේ වන කොට ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ මේ බිමේ තිබෙන ශක්තිමත්ම පක්ෂය බවට පත්වෙමින් පවතිනවා. එය කාටවත් නෑ කියන්න බෑ. අපි මේ ශීත කාමරවල, කාර්යාලවල ඉඳගෙන කරන ප්‍රකාශ නොවේ මේවා. මම අනුරාධපුර දිස්ත්‍රික්කය භාරව සිටින පක්ෂයේ නායකයා. අපි ගමින් ගමට ගිහිල්ලා ජනතාව දැනුවත් කරලා අනුරාධපුර මැතිවරණ කොට්ඨාශ 07 ම ආසන බල මණ්ඩල ඉතාම සාර්ථකව කරගෙන ගියා. ඒ වගේම රටපුරාම මේ වන කොට ඉතා සාර්ථකව ආසන බල මණ්ඩල 70ක් පමණ කරලා තිබෙනවා. තවත් 60 ගාණක් කරන්න තිබෙනවා. අපි හැම සති අන්තයකම රටපුරා ගිහින් කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, මන්ත්‍රිවරු මේ සියලුදෙනාම සහ පක්ෂයට ලැඳි සියලුදෙනාම මේ කටයුත්ත කරගෙන යනවා. කවුරු මොනාවා කිව්වත්, ඒ වගේම පොදුජන පෙරමුණ කවුරු විවේචනය කළත් අද වන විට බිමේ තිබෙන ශක්තිමත්ම පක්ෂය වගේම කුමන හෝ මැතිවරණයකදි මේ රටේ දැවැන්තම, විශාලම ඡන්ද සංඛ්‍යාවක් ගන්න ප්‍රධාන පක්ෂය හැටියට ශ්‍රී ලංකා පොදුජන පරමුණ ඉදිරියට ඇවිත් සිටිනවා කියන එක වගකීමනේ අපි කියනවා. කවුරු අවලාද කරත්, කවුරු අපේ කකුලෙන් ඇද්දත් අපි මේ පක්ෂයට ආදරෙයි. මෙය ගොවි කම්කරු පක්ෂයක්. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ පක්ෂයේ ප්‍රතිපත්ති හරියට හඳුනානොගත් නිසා ගැටලු ඇති වුණා. එතුමා නැතිවුණා කියලා අපේ පක්ෂයේ අපේ කටයුතු නිවැරදිව අපි ඉස්සරහට අරගෙන යනවා. අපි ඉදිරියේදී ඉතා ශක්තිමත්ව පක්ෂය ගොඩනගනවා.”යනුවෙන් මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා මෙහිදි සඳහන් කළේ ය.

Post Views: 14
Previous Post

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න -අගමැති දිනේෂ්

Next Post

ග්‍රාමීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන සඳහා ප්‍රමිති සහතික හා තත්ව සහතික පිරිනැමේ

editor

editor

Next Post

ග්‍රාමීය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන සඳහා ප්‍රමිති සහතික හා තත්ව සහතික පිරිනැමේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved