දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජීවිත නගාසිටුවීම සහ ආපදාවට ලක් වූ ප්‍රදේශ යළි යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ අරමුදලට ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් සිය දිනක වැටුප පරිත්‍යාග කර තිබේ.
අද (අප්‍රේල් 22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පොලිස්පති පුද්ගලික සහකාර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.සී. බමුණුආරච්චි මහතා විසින් රුපියල් 9,687,462ක මෙම මූල්‍ය පරිත්‍යාගය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමනු ලැබීය.
පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙතෙක් අවස්ථා තුනකදී සිය දිනක වැටුපෙන් රුපියල් මිලියන 74කට අධික මුදලක් මෙම අරමුදල වෙත ලබා දී තිබීම විශේෂත්වයකි. මෙම අවස්ථාවට පොලිස් ලේකම් කාර්යාලයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා ද සහභාගී විය.













