වෙසක් උත්සව සමය තුළ ආගමික කටයුතුවල නිරත වීමට සහ තොරණ, දන්සැල් නැරඹීමට යන ජනතාවගෙන් පොලිසිය විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ. ජනාකීර්ණ ස්ථානවලදී තමන් සතු රන් ආභරණ සහ අනෙකුත් වටිනා භාණ්ඩ සොරුන්ගෙන් ආරක්ෂා කරගන්නා ලෙස පොලිසිය මහජනතාවට අවධාරණය කරයි.
වෙසක් උත්සව කාලසීමාව තුළ සාමය හා පූජනීයත්වය රැකගනිමින් කටයුතු කරන ලෙසත්, සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් පසුවන ලෙසත් පොලිසිය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.














