ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම දරිද්‍රතා රේඛා සටහනට අනුව, මෙරට පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා මාසිකව වැය වන අවම වියදම 2026 ජූලි මාසයේ දී රු. 17,679 ක් ලෙස ගණනය කර තිබේ. 2026 ජූනි මාසයේ දී මෙම අගය වාර්තා වූයේ රු. 17,592ක් ලෙසිනි.
එක් එක් දිස්ත්‍රික්කයට අදාළ දරිද්‍රතා රේඛාවන් සැලකීමේ දී, කොළඹ දිස්ත්‍රික්කයේ දරිද්‍රතා රේඛාව 2026 ජූලි මාසයේ දී රු. 19,067ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ශ්‍රී ලංකාවේ යම් දිස්ත්‍රික්කයක දරිද්‍රතා රේඛාව රු. 19,000 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවට වීම විශේෂත්වයකි. ගම්පහ දිස්ත්‍රික්කයේ මෙම අගය රු. 18,969ක් ලෙස වාර්තා වන අතර, දිස්ත්‍රික්ක මට්ටමින් පහළම දරිද්‍රතා රේඛාව වාර්තා වන්නේ මොනරාගලින් වන අතර එහි අගය රු. 16,904කි. මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා වැය වන අවම වියදම ලෙස හැඳින්වෙන මෙම ‘නිල දරිද්‍රතා රේඛාව’, රටක මූල්‍යමය දිළිඳුකම ගණනය කිරීම සඳහා යොදාගනු ලබයි.














