ධාවනය කිරීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ගමන් වාර 6ක් සහ තවත් දුම්රිය ගමන් වාරයක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ කොටුව සිට කන්කසන්තුරය, ත්‍රීකුණාමලය සහ මඩකළපුව දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියන් මෙන්ම, එම ප්‍රදේශවල සිට කොළඹ කොටුව දක්වා පැමිණීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියන් ද මෙලෙස අවලංගු කර ඇත.
ඊට අමතරව, කොළඹ කොටුව සිට රඹුක්කන බලා රාත්‍රී 11.00ට ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාරය ද අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.














