මැද පෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණවල යම් පසුබෑමක් ඇති වුවද, 2026 වසරේ පළමු මාස හත තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක විදේශ ප්‍රේෂණ මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‌යාංශය පවසයි.
එහි සභාපති කෝසල වික්‍රමසිංහ මහතා සඳහන් කළේ 2024 වසරේදී විදේශ ප්‍රේෂණ ලෙස ඩොලර් බිලියන 7.1ක් ලැබුණු අතර, 2025දී එය ඩොලර් බිලියන 8.1 දක්වා ඉහළ ගිය බවයි. 2026 පළමු මාස හත තුළ ලැබී ඇති ඩොලර් බිලියන 5ක ප්‍රේෂණ ප්‍රමාණය අනුව, වසර අවසන් වනවිට එය ඩොලර් බිලියන 9 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
විදේශ රැකියා අවස්ථා වර්‌ධනය කිරීම සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති බවත්, ඒ යටතේ ලොව පුරා ශ්‍රී ලාංකිකයන් සඳහා රැකියා අවස්ථා ප්‍රවර්‌ධනය කිරීමට පියවර ගෙන ඇති බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














