සහනාධාරයක් දීලා!මැදපෙරදිග යුද තත්ත්වයෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීම සඳහා 2026 වසර සඳහා වන අංක 03 දරන පරිපූරක ඇස්තමේන්තුව මගින් වෙන් කරන ලද රුපියල් බිලියන 71.7ක සහන පැකේජයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කාරක සභා රැස්වීමේදී අනාවරණය වී ඇත්තේ 2026 අප්‍රේල් මාසය සඳහා පමණක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ඇතුළු ඉන්ධන සැපයුම්කරුවන් සඳහා රුපියල් මිලියන 20,507ක පමණ සහනාධාරයක් ලබා දී ඇති බවයි. එම මුදල බෙදී ගොස් ඇති ආකාරය:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC): රුපියල් මිලියන 15,000 යි.ලංකා IOC සමාගම: රුපියල් මිලියන 2,340 යි.සයිනොපෙක් (Sinopec) සමාගම: රුපියල් මිලියන 1,501 යි.RM Parks සමාගම: රුපියල් මිලියන 1,666 යි.ඉන්ධන සමාගම්වල ගොඩබෑමේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඉන්ධන අලෙවියේදී ඇතිවිය හැකි පාඩු සහ රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙම සහනය ලබා දී ඇති බව නිලධාරීන් මෙහිදී පෙන්වා දී ඇත. සමස්ත රුපියල් බිලියන 71.7ක සහන පැකේජය තුළින් කිසිදු අලුਤින් ණය ගැනීමක් සිදු නොකරන අතර, ‘දිට්වා’ සුළි කුණාටුව වෙනුවෙන් වෙන් කරන ලද අතිරේක ඇස්තමේන්තුවේ භාවිත නොකළ ශේෂයන් ප්‍රති-වෙන්කිරීමක් (reallocation) ලෙස මෙය ක්‍රියාත්මක වන බව කාරක සභාව වැඩිදුරටත් අනාවරණය කළේය.














