එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (29) දිනයේ තවදුරටත් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව ඩොලරයේ මධ්‍ය අගය (Indicative Rate) රුපියල් 318.69 ක් ලෙස සටහන් විය.
අද දින වාර්තා වූ විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 315.54 ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 323.26 ක් ලෙසත් සටහන්ව ඇත. පසුගිය දින කිහිපය පුරා ඩොලරයේ අගය මෙලෙස ක්‍රමයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.
















