රුවන්ඩාව සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ශ්රී ලංකාව සිය කැපවීම යළිත් තහවුරු කර ඇති අතර, ශ්රී ලංකා විදේශ කටයුතු අමාත්යවරයාගේ රුවන්ඩා නිල සංචාරයක් 2026 දෙසැම්බර් මාසයේදී අපේක්ෂිත බව වාර්තා වේ.
නයිරෝබි නුවර පිහිටි ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුව, කෙන්යාවේ වැඩබලන ශ්රී ලංකා මහ කොමසාරිස් රුවිනි ද සිල්වා මහත්මිය ඔක්තෝබර් 8 වැනි දින නයිරෝබි සෙරීනා හෝටලයේදී පැවැති රාජ්යතාන්ත්රික හමුවකදී මෙම අදහස් මතු කර ඇත. රුවන්ඩාවේ විදේශ කටයුතු සහ ජාත්යන්තර සහයෝගීතා රාජ්ය අමාත්ය ආචාර්ය උස්ටා කයිටේසි (Dr. Usta Kaitesi), යටිතල පහසුකම් අමාත්ය ඩැමියන් මර්වානාෂියාකා (Damien Murwanashyaka) ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියහ.
මෙහිදී දෙරට අතර මිත්රද්රෝහී සබඳතා පිළිබඳව සිහිපත් කළ රුවිනි ද සිල්වා මහත්මිය, අන්යෝන්ය වශයෙන් වැදගත් වන ක්ෂේත්රවල සහයෝගීතාව පුළුල් කිරීමට ශ්රී ලංකාවේ අපේක්ෂාව අවධාරණය කළාය. නවදිල්ලි නුවර පැවැති 2026 රයිසිනා සාකච්ඡා සභාවට (Raisina Dialogue 2026) සමගාමීව ශ්රී ලංකා සහ රුවන්ඩා විදේශ අමාත්යවරුන් අතර පැවැති හමුවද ඇය මෙහිදී සිහිපත් කළාය. මෙම රාජ්යතාන්ත්රික හමුව හරහා දෙරට අතර නව සබඳතා සහ සහයෝගීතා අවස්ථා ගවේෂණය කිරීමට මඟ සැලසුණු බව මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.














