දකුණු ඉරානයේ පිහිටි සන්නිවේදන කුළුණක් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව විසින් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත්, අදාළ සන්නිවේදන කුළුණට සිදුවූ හානිය පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙම ප්‍රහාරය සිදු වූයේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බවට ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය ප්‍රකාශ කිරීමත් සමඟය. මීට පෙර එක්සත් ජනපද මධ්‍යම විධානය නිවේදනය කර තිබුණේ එම ප්‍රකාශය හේතුවෙන් ඉරානය තුළ ඇති ඉලක්ක 140කට ප්‍රහාර එල්ල කළ බවයි.
















