සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වසා දැමුණු දිවයිනේ සියලුම පාසල් අධ්‍යයන කටයුතු සඳහා අප්‍රේල් 20 වැනි සඳුදා යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
අවුරුදු නිවාඩුව වෙනුවෙන් අප්‍රේල් 11 වැනිදා සිට 19 වැනිදා දක්වා දින නවයක කාලයක් පාසල් වසා තැබුණු අතර, ලබන සඳුදා ආරම්භ වන නව පාසල් වාරය ජූලි මස 24 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.














