ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට වසර 115ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන 11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය 2027 වසරේ ජනවාරි මස 17 දින සිට 23 වනදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙම ජම්බෝරිය පැවැත්වීමට අදාළ සංවිධාන කටයුතු සහ එහි වත්මන් ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇති අතර, එහිදී රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල සහාය ලබා ගැනීම සහ එක් එක් ආයතන වෙත පැවරෙන වගකීම් සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.














