ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව සභාපතිවරයා ලෙස එහි හිටපු සභාපතිවරයෙකු වන රන්සිරි පෙරේරා මහතා වැඩි ඡන්දයෙන් නැවත වරක් තේරීපත් වී තිබේ.
සංගමයේ 2026/2027 වර්ෂ සඳහා වන නිලවරණය සහ වාර්ෂික මහා සභා රැස්වීම ඉකුත් 23 වැනිදා කොළඹ පිහිටි ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික මූලස්ථානයේදී පැවැත්වුණු අතර, එහිදී මෙම නව නිලධාරි මණ්ඩලය පත් කරගැනීම සිදු කෙරිණි.
ප්‍රධාන තනතුරු සඳහා සිදු වූ පත්කිරීම් සහ සමස්ත නිලධාරි මණ්ඩලය මෙසේය:
විධායක කමිටුව සහ සෙසු ප්‍රධානීන්:
මෙවර නිලවරණයේදී විධායක කමිටු සභාපතිවරයා ලෙස කමලනාත් ජිනදාස මහතා වැඩි ඡන්දයෙන් තේරී පත් විය. එමෙන්ම, ලේකම් තනතුර සඳහා හිටපු ලේකම් සුජීව ජයවර්ධන මහතා නිතරගයෙන්ම තේරී පත් වූ අතර, භාණ්ඩාගාරිකවරයා ලෙස හිටපු භාණ්ඩාගාරික දිනේෂ් නිරෝෂණ මානවඩු මහතා සභාවේ ඒකමතික අනුමැතියෙන් නැවතත් තේරී පත්වීම විශේෂත්වයකි.
නව නිලධාරි මණ්ඩලය:
සභාපති ලෙස රන්සිරි පෙරේරා මහතා ද, උප සභාපතිවරුන් ලෙස එම්. ජේ. සාදික් අමීන්, පී. එස්. ගවුතමදාස, මල්ලිකා ගුණරත්න සහ ලලිත් සිරිමෙවන් කුලතුංග යන මහත්ම මහත්මීන් පත්වූහ.
විධායක කමිටු සාමාජිකයින් ලෙස පී. ඒ. ඩී. රංජිත් චන්ද්‍රසිරි, බී. එච්. ඕ. සරත් බණ්ඩාර, ඊ. කේ. දිළුම් දුමින්ද, එච්. එଲ. කපිල ප්‍රියන්ත, කේ. ඇන්ටන් සෙත් පෙරේරා, එම්. කේ. ඩී. මනෝජ් සිල්වා, කේ. එච්. කුමාරසිංහ සහෝදරතුමා, ජේ. ඒ. පුලස්ති බුද්ධික ජයතුංග, දුමින්ද සම්පත් සෙනෙවිරත්න, අබ්දුල් මවාහිබ්, ආචාර්ය උපුල් මානෙල් රණසිංහ, එස්. එච්. ගුණපාල, එන්. සුමනසිරි සහ සරත් කුමාරසිංහ යන මහත්වරු තේරී පත්ව සිටිති.














