ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පසුගිය වසර පහේදී රුපියල් මිලියන 541,800ක ආදායමක් ලබා තිබෙන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම තොරතුරු අනාවරණය කළේය.
වාර්ෂිකව ආදායම් ලැබූ ආකාරය ලෙස 2021 වසරේදී රුපියල් මිලියන 102,348ක් (ලාභය රුපියල් මිලියන 12,161ක්) ලෙසත්, 2022 වසරේදී රුපියල් මිලියන 107,710ක් (ලාභය රුපියල් මිලියන 4,765ක්) ලෙසත්, 2023 වසරේදී රුපියල් මිලියන 106,418ක් (රුපියල් මිලියන 3,921ක ශුද්ධ අලාභයක්) ලෙසත් වාර්තා වී ඇත. මීට අමතරව 2024 වසරේදී රුපියල් මිලියන 111,148ක ආදායමක් සහ රුපියල් මිලියන 3,120ක ලාභයක්ද, 2025 වසරේදී රුපියල් මිලියන 114,176ක ආදායමක් සහ රුපියල් මිලියන 11,014ක ලාභයක්ද සමාගම ලබා තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මෙම වසරේ පළමු කාර්තුවේදී රුපියල් මිලියන 30.8ක ආදායමක් ලබා ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 10.8ක වර්ධනයකි.













