ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රටවල් 40ක ජනතාව වෙනුවෙන් වසරක කාලයක් සඳහා නොමිලේ සංචාරක වීසා නිකුත් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ආගමික හා විගාමික පනත සංශෝධනය කරමින් ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ යටතේ අදාළ රටවල සංචාරකයින්ට දින 30ක කාලයක් සඳහා නොමිලේ වීසා හිමි වේ.
ඉන්දියාව, චීනය, රුසියාව, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ප්‍රංශය සහ මැදපෙරදිග රටවල් ඇතුළු රටවල් 40ක් මේ සඳහා ඇතුළත් කර ඇත. මෙම ක්‍රමය මාස හයක කාලයකින් පසු සමාලෝචනය කර තවදුරටත් පවත්වාගෙන යන්නේද යන්න තීරණය කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.















