මෙම වසරේ ගත වූ මාස හතරකට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 840,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. එම දත්ත වාර්තාවලට අනුව, ජනවාරි 01 වනදා සිට අප්‍රේල් 22 වනදා දක්වා කාලය තුළ සංචාරකයින් 840,411 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.
දිවයිනට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රටවල් අතර ඉන්දියාව පෙරමුණේ පසුවන අතර, එම සංඛ්‍යාව 176,465 කි. මීට අමතරව බ්‍රිතාන්‍යය, රුසියාව, ජර්මනිය සහ චීනය යන රටවලින් ද සැලකිය යුතු සංචාරකයින් පිරිසක් පැමිණ තිබේ. අප්‍රේල් මස මුල් දින 22 තුළ පමණක් සංචාරකයින් 99,777 දෙනෙකු දිවයිනට පැමිණ ඇතත්, පසුගිය මාසයන්ට සාපේක්ෂව අප්‍රේල් මාසයේ දෛනික සංචාරක පැමිණීමේ යම් පසුබෑමක් දක්නට ලැබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.












