ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව මිලියන 1.46 ඉක්මවා ඇත.
ජනවාරි 01 වැනි දින සිට අගෝස්තු 18 වැනි දින දක්වා කාලය තුළ සමස්ත සංචාරකයන් 1,468,980ක් පැමිණ ඇති බව සඳහන් වේ. අගෝස්තු මාසයේ පළමු දින 18 තුළ පමණක් සංචාරකයන් 125,562ක් දිවයිනට පැමිණ ඇති අතර, එම කාලය තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රට ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන ඇත.














