ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් රට තුළ සිදුකරන සාමාන්‍ය වියදම් කිරීමේ ප්‍රමාණය ඩොලර් 148ක් දක්වා පහළ වැටී ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි. 2018-2019 වසරවලදී මෙම අගය ඩොලර් 171ක් ලෙස පැවති බවත්, කොවිඩ් වසංගතයෙන් පසු සංචාරකයින්ගේ හැසිරීම් රටාවේ සහ වියදම් කිරීමේ වෙනසක් සිදුව ඇති බවත් අමාත්‍යවරයා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී සඳහන් කළේය.
2030 වසර වන විට මෙම සාමාන්‍ය වියදම් අගය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම රජයේ ප්‍රධාන ඉලක්කය බවත්, ඒ හරහා රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වය වැඩිකර ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය. මෙම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා සංචාරක අත්දැකීම් දියුණු කිරීම සහ ඒ සඳහා ක්‍රමවත් සැලැස්මක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















