ඉදිරි සති කිහිපය තුළ දේශීය වෙළඳපොළේ වාහන මිල සීග්‍රයෙන් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා පවසයි. රුපියලේ අගයෙහි සිදුවන වෙනස්වීම් සහ පවතින ආර්ථික තත්ත්වයන් මත මෙලෙස මිල ගණන් ඉහළ යා හැකි බව ඔහු පෙන්වා දෙයි.
සභාපතිවරයා පවසන පරිදි රුපියල් ලක්ෂ 140කට පමණ අලෙවි වූ Toyota Raize වර්ගයේ වාහනයක මිල රුපියල් ලක්ෂ අටත් දහයත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමට නියමිතය. මීට අමතරව Toyota Yaris වර්ගයේ වාහනයක මිල ද රුපියල් ලක්ෂ හතරකින් හෝ පහකින් පමණ ඉහළ යා හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. මෙම තත්ත්වය හමුවේ වාහන මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින පාරිභෝගිකයින් දැඩි අසීරුතාවට පත්වනු ඇතැයි ක්ෂේත්‍රයේ විචාරකයෝ පවසති.














